Southern Provincial Road Development Authority

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ

ගණකාධිකාරී තනතුර සඳහා  නිලධාරියෙකු බදවා ගැනීම

(කොන්ත්‍රාත් පදනම මත මාස හය (06) ක කාලයකට)

දැන්වීමයි

දකුණු පළාත් සභාව

අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය

නො.19, පහළ ඩික්සන් පාර, ගාල්ල

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරී තනතුර කොන්ත්‍රාත් පදනම මත මාස හය (06) ක කාලයක් සඳහා  නිලධාරියෙකු බදවා ගැනීම

දකුණු පළාත් සභාවේ 1992 අංක 04 දරණ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රඥප්තියට අනුව පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත ආයතනයක් වන දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට කළමනාකාර සේවා ගණයේ ගණකාධිකාරී තනතුර සඳහා රාජ්‍ය සේවයේ නියුක්තව සිට විශ්‍රාමලත් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම මත මාස හය (06) ක කාලයක් සඳහා බදවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.

කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම

  • ගණකාධිකාරී තනතුර – කළමනාකාර සේවා ගණය (MM 1-3)
    • සුදුසුකම්  –  කළමනාකාර සේවා ගණයේ  තනතුරක සිට විශ්‍රාම ලැබූවකු වීම.
  • අධ්‍යාපන සුදුසුකම්.

2.1  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක කලමනාකරණය/ගණකාධිකරණය/ව්‍යාපාර පරිපාලනය / වාණිජ්‍යවේදී විෂය ක්ෂේත්‍රයන්ට අදාලව ප්‍රථම උපාධියක් ලබා තිබීම.

හෝ

ශ්‍රී ලංකාවේ හෝ එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරී ආයතනයේ/ශ්‍රී ලංකාවේ සහතික ලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතයේ/එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනයේ/එක්සත් රාජධානියේ වරලත් සහතික ලත් ගණකාධිකාරී ආයතනයේ, ආවසරික/අන්තර් මාධ්‍ය හෝ ඒ හා සමාන වෘත්තීය සුදුසුකම් ලබා තිබීම.

  • පොදු කොන්දේසි.
  • ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය
  • තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දකුණු පළාත තුළ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
  • විශිෂ්ට චරිතයෙන් යුක්ත විය යුතුය.
  • වයස – අවුරුදු 67 ට අඩුවිය යුතුය.
  • පත්වීමේ ස්වභාවය – මාස 06ක කාලසීමාවකට කොන්ත්‍රාත් පදනම මත බදවාගනු ලබන අතර, තනතුරේ අවශ්‍යතාවය හා සතුටුදායක කාර්ය සාධනය පදනම්ව සේවය දීර්ඝ කිරීම සලකා බලනු ලැබේ.
  • වැටුප – රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2018 විශ්‍රාමික රජයේ නිලධරයින් නැවත සේවයේ යෙදවීම පරිදි විශ්‍රාම යන අවස්ථාවේදී හිමිකම් තිබූ මාසික වැටුපට සමාන මාසික දීමනාවක් හිමිවේ.
  • තෝරා ගැනීමේ ක්‍රමවේදය – පත්වීම් බලධරයා විසින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයක් මගින් බදවාගනු ලැබේ.
  • අයදුම්පත් ඉදිරිපත් කිරීම – ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් www.prda.sp.gov.lk වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2025.09.30  දිනට පෙර සාමාන්‍යාධිකාරී, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, නො.19, පහළ ඩික්සන් පාර, ගාල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදිය හැක.

අයදුම්පත් ඉදිරිපත් කරන ලිපිකවරයේ වම්පස “ ගණකාධිකාරී තනතුරට බදවා ගැනීමේ අයදුම්පත” යනුවෙන් සඳහන් කල යුතුය.

අයදුම්පත ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වලට අදාල සහතිකවල පිටපත් අමුණා එවිය යුතුය.

ඉංජි. ජේ.කේ. ධම්මික,

සාමාන්‍යාධිකාරී,

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය.

දිනය – 2025.09.16