දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පහත සඳහන් තනතුරු සඳහා
සුදුසුකම්ලත් අයදුම්කරුවන් වෙතින් අයදුම්පත් කැදවනු ලැබේ.
දකුණු පළාත් සභාව
අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය.
අනුමත තනතුරු නාමය :- ඉංජිනේරු (සිවිල්).
- සේවා ගණය : “කළමනාකාර” (MM 1-3) -පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 08 යි
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MM 1-3 -2025 – 96,650-10×2,480 -15×3,450 – 173,200
- සුදුසුකම් :
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක ඉංජිනේරු විද්‍යා (සිවිල්) උපාධියක් ලබා තිබීම හෝ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය පිළිගත් ඒ හා සමාන සුදුසුකම් තිබීම.
සහ
- උපාධි සුදුසුකම් ලබා ගැනීමෙන් පසු රජයේ, රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් අදාළ ක්ෂේත්‍රයේ වසර එක(01) ක පළපුරුද්දක් ලබා තිබීම.
- වසය – අවුරුදු 22ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- ඉංජිනේරු(යාන්ත්‍රික).
- සේවා ගණය : “කළමනාකාර” (MM 1-3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 01 යි.
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MM 1-3 -2025 – 96,650-10×2,480 -15×3,450 – 173,200
- සුදුසුකම් :
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක ඉංජිනේරු විද්‍යා (යාන්ත්‍රික) උපාධියක් ලබා තිබීම හෝ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය පිළිගත් ඒ හා සමාන සුදුසුකම් තිබීම.
සහ
- උපාධි සුදුසුකම් ලබා ගැනීමෙන් පසු රජයේ, රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් අදාළ ක්ෂේත්‍රයේ වසර එක(01) ක පළපුරුද්දක් ලබා තිබීම.
- වසය – අවුරුදු 22ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- අභ්‍යන්තර විගණක.
- සේවා ගණය : “කළමනාකාර” (MM 1-3) -පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 01 යි.
- වැටුප් ක්‍රමය:සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MM 1-3 -2025 – 96,650-10×2,480 -15×3,450 – 173,200
- සුදුසුකම් :
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක කළමනාකරණය/ගණකාධිකරණය/ව්‍යාපාර පරිපාලනය/වානිජ්‍යවේදී විෂය ක්ෂේත්‍රයන්ට අදාළව ප්‍රථම උපාධියක් ලබා තිබීම.
හෝ
ශ්‍රී ලංකාවේ හෝ එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරී අයතනයේ/ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ/එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනයේ/එක්සත් රාජධානියේ වරලත් සහතිකලත් ගණකාධිකාරී ආයතනයේ, ආවසරික/අන්තර් මධ්‍ය හෝ ඒ හා සමාන වෘත්තීය සුදුසුකම් ලබා තිබීම.
සහ
- උපාධි සුදුසුකම් ලබා ගැනීමෙන් පසු රජයේ, රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් අදාල ක්ෂේත්‍රයේ වසර එක (01) ක පළපුරුද්දක් ලබා තිබීම.
- වසය – අවුරුදු 22ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- වැඩසටහන් සහකාර.
- සේවා ගණය : “ආශ්‍රිත නිලධාරී” (MA 3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 02 යි.
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MA 3-2025 – 53,940 – 10×800-11×1,190-10×1,320-5×1,350 – 94,980
- සුදුසුකම් :
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් ව්‍යාපාර පරිපාලනය /කළමනාකරණය/ආර්ථික විද්‍යාව /සංඛ්‍යානය/වානිජ විද්‍යාව/ගණිතය/විද්‍යාව යන විෂය ක්ෂේත්‍රයකින් ප්‍රථම උපාධියක් ලබා තිබීම.
- වසය – අවුරුදු 22ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- තාක්ෂණ නිලධාරී
- සේවා ගණය: “කළමනාකරණ සහකාර-තාක්ෂණ” (MA 2-3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 15යි
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MA 2-3- 2025 –52,700 -10×800-11×1,190-10×1,320-10×1,350-100,490
- සුදුසුකම් :-
3:1 අධ්‍යාපන
(අ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේදී, සිංහල/ දෙමළ හා ගණිතය ඇතුළුව විෂයයන් හතරකට (04) සම්මාන සහිතව සහ ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව එක් වරකදී විෂයයන් හයකින්(06) සමත් වී තිබීම.
(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයේදී සියලුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර ) සමත්ව තෘතිය අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සදහා අවශ්‍ය සාධන මට්ටම ලබා තිබීම.
3:2 තාක්ෂණික නිපුණතා/ ප්‍රවීණතා
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂණ ආයතනයේ/ අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා (සිවිල්) සහතිකය ලබා තිබීම.
හෝ
විෂයට අදාළව තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියම කර ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතා (N.V.Q) පහ (05) මට්ටමට අඩු නොවන්නා වූ තාක්ෂණික පාඨමාලාවක් සාර්ථකව හදාරා සහතික ලබා තිබීම.
- වසය – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- සැලසුම් ශිල්පී
- සේවා ගණය: “කළමනාකරණ සහකාර – තාක්ෂණ” (MA 2-3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 01 යි
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MA 2-3- 2025 –52,700 -10×800-11×1,190-10×1,320-10×1,350-100,490
- සුදුසුකම් :-
3:1 අධ්‍යාපන.
(අ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේදී, සිංහල/ දෙමළ හා ගණිතය ඇතුළුව විෂයයන් හතරකට (04) සම්මාන සහිතව සහ ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව එක් වරකදී විෂයයන් හයකින්(06) සමත් වී තිබීම.
(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයේදී සියළුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර ) සමත්ව තෘතිය අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සදහා අවශ්‍ය සාධන මට්ටම ලබා තිබීම.
3:2 තාක්ෂණික නිපුණතා/ ප්‍රවීණතා
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂණ ආයතනයේ/ අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා (සිවිල්) සහතිකය ලබා තිබීම.
හෝ
විෂයට අදාළව තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියම කර ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතා (N.V.Q) පහ (05) මට්ටමට අඩු නොවන්නා වූ තාක්ෂණික පාඨමාලාවක් සාර්ථකව හදාරා සහතික ලබා තිබීම.
- වසය – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- වැඩ පරිපාලක
- සේවා ගණය: “කළමනාකරණ සහකාර – තාක්ෂණික” (MA 2-3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව- 02 යි
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MA 2-3- 2025 –52,700 -10×800-11×1,190-10×1,320-10×1,350-100,490
- සුදුසුකම් :-
3:1 අධ්‍යාපන
(අ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේදී, සිංහල/ දෙමළ හා ගණිතය ඇතුළුව විෂයයන් හතරකට (04) සම්මාන සහිතව සහ ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව එක් වරකදී විෂයයන් හයකින්(06) සමත් වී තිබීම.
(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයේදී සියළුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) සමත්ව තෘතිය අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සදහා අවශ්‍ය සාධන මට්ටම ලබා තිබීම.
3:2 තාක්ෂණික නිපුණතා/ ප්‍රවීණතා
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂණ ආයතනයේ/ අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා (සිවිල්) සහතිකය ලබා තිබීම.
හෝ
විෂයට අදාළව තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියම කර ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතා (N.V.Q) පහ (05) මට්ටමට අඩු නොවන්නා වූ තාක්ෂණික පාඨමාලාවක් සාර්ථකව හදාරා සහතික ලබා තිබීම.
- වසය – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- වැඩ මූලික
- සේවා ගණය: “කළමනාකරණ සහකාර – තාක්ෂණික” (MA 2-3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව-02යි
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MA 2-3- 2025 –52,700 -10×800-11×1,190-10×1,320-10×1,350-100,490
- සුදුසුකම් :-
3:1 අධ්‍යාපන
(අ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේදී, සිංහල/ දෙමළ හා ගණිතය ඇතුළුව විෂයයන් හතරකට (04) සම්මාන සහිතව සහ ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව එක් වරකදී විෂයයන් හයකින්(06) සමත් වී තිබීම.
(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයේදී සියළුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර ) සමත්ව තෘතිය අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සදහා අවශ්‍ය සාධන මට්ටම ලබා තිබීම.
3:2 තාක්ෂණික නිපුණතා/ ප්‍රවීණතා
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂණ ආයතනයේ/ අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා (යාන්ත්‍රික) සහතිකය ලබා තිබීම.
හෝ
විෂයට අදාළව තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියම කර ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතා (N.V.Q) පහ (05) මට්ටමට අඩු නොවන්නා වූ තාක්ෂණික පාඨමාලාවක් සාර්ථකව හදාරා සහතික ලබා තිබීම.
- වසය – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- රසායනාගාර කාර්මික ශිල්පී
- සේවා ගණය: “කළමනාකරණ සහකාර – තාක්ෂණික” (MA 2-3) – පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව- 01යි
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MA 2-3- 2025 –52,700 -10×800-11×1,190-10×1,320-10×1,350-100,490
- සුදුසුකම් :-
3:1 අධ්‍යාපන
(අ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේදී, සිංහල/ දෙමළ හා ගණිතය ඇතුළුව විෂයයන් හතරකට (04) සම්මාන සහිතව සහ ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව එක් වරකදී විෂයයන් හයකින්(06) සමත් වී තිබීම.
(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයේදී සියළුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර ) සමත්ව තෘතිය අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සදහා අවශ්‍ය සාධන මට්ටම ලබා තිබීම.
3:2 තාක්ෂණික නිපුණතා/ ප්‍රවීණතා
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂණ ආයතනයේ/ අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා (සිවිල්) සහතිකය ලබා තිබීම.
හෝ
විෂයට අදාළව තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියම කර ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතා (N.V.Q) පහ (05) මට්ටමට අඩු නොවන්නා වූ තාක්ෂණික පාඨමාලාවක් සාර්ථකව හදාරා සහතික ලබා තිබීම.
- වසය – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන)
- සේවා ගණය: “කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන)” – (MA 1-2) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව- 08 යි
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
MA 1 – 2 – 2025 – 46,220 – 10×540-7×630-12×1,080-12×1,280 – 84,350
- අධ්‍යාපන සුදුසුකම් :-
(අ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී සිංහල/දෙමළ, ගණිතය යන විෂයන් ඇතුළුව විෂයයන් හතරකට (04) සම්මාන සහිතව සහ ඉංග්‍රීසි භාෂාවද ඇතුළුව එක් වරකදී විෂයයන් හයකින් (06) සමත්වී තිබීම.
(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේදී විෂයයන් තුනක් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) සමත්ව තිබීම.
(ඇ) තනතුරට විශේෂිත වෙනත් අවශ්‍ය සුදුසුකම් –
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයක පරිගණක සාක්ෂරතාවය පිළිබඳ පහත සඳහන් විෂය සංරචකයන්ගෙන් සමන්විත මාස හය (06)කට නොඅඩු පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම.
- පරිගණක භාවිතයෙන් සම්මත මෙහෙයුම් පද්ධතිය යටතේ ලිපිගොණු කළමනාකරණය.
- පරිගණක වදන් සැකසුම.
- පැතුරුම්පත් සකස් කිරීම හා භාවිතා කිරීම.
- පරිගණකය භාවිතයෙන් ඉදිරිපත් කිරීම.
- දත්ත සමුදාය නිර්මාණය හා භාවිතය.
- අන්තර්ජාලය සහ ඉලෙක්ට්‍රොනික තැපෑල භාවිතා කිරීම.
- වසය – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- යන්ත්‍ර ක්‍රියාකරු
- සේවා ගණය: “ප්‍රාථමික – ශිල්පීය” – (PL -3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 05
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
PL – 3- 2025 – 43,280-10×490-10×540-10×590-12×630-67,040
- අධ්‍යාපන සුදුසුකම් :-
3.1 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටත් පිරිසෙයින් සම්මාන දෙක(02)ක් සහිතව විෂයයන් හය (06)කින් සමත්වීම.
- ප්‍රවීනතා
ශිල්පීය නිපුණතා
යන්ත්‍ර ක්‍රියාකරු තනතුරෙහි කාර්ය භාරයට අදාලව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික/වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා (NVQ) හතර (04) වැනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම
- වසය – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
අනුමත තනතුරු නාමය :- මෝටර් කාර්මික
- සේවා ගණය: “ප්‍රාථමික – ශිල්පීය” – (PL -3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 03
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
PL – 3- 2025 – 43,280-10×490-10×540-10×590-12×630-67,040
- ප්‍රවීනතා
ශිල්පීය නිපුණතා
මෝටර් කාර්මික තනතුරෙහි කාර්ය භාරයට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික/වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා (NVQ) හතර (04) වැනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම
- වසය – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය
අනුමත තනතුරු නාමය :- පෑස්සුම්කරු
- සේවා ගණය: “ප්‍රාථමික – ශිල්පීය” – (PL -3) පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව – 01
- වැටුප් ක්‍රමය: සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය හා මාසික වැටුප් පරිමාණය
PL – 3- 2025 – 43,280-10×490-10×540-10×590-12×630-67,040
- ප්‍රවීනතා
ශිල්පීය නිපුණතා
පෑස්සුම්කරු තනතුරෙහි කාර්ය භාරයට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික/වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා (NVQ) හතර (04) වැනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම
- වයස – අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45 ට නොවැඩි විය යුතුය.
- පත්වීමේ ස්වභාවය –
ස්ථිර, සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් සඳහා හිමිකම් සහිතය
- වෙනත් සුදුසුකම් –
සෑම ඉල්ලුම් කරුවෙක් ම,
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
- තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දකුණු පළාත තුළ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
- විශිෂ්ට චරිතයෙන් යුක්ත විය යුතුය.
- බදවාගැනීමේ ක්‍රමය
දකුණු පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලැබූ අයදුම්කරුවන් තනතුරු සඳහා බඳවා ගනු ලැබේ.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩිවිය වන www.prda.sp.gov.lk හි පළකර ඇති ආදර්ශ අයදුම්පත අනුව සකස් කර ගන්නා ලද අයදුම්පත් “සාමාන්‍යාධිකාරී, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, නො.19, පහළ ඩික්සන් පාර, ගාල්ල.” ලිපිනයට 2025.09.15 දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන ලෙස කාරුණිකව දන්වන අතර, ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර “…………………………..තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම” ලෙස සටහන් කිරීම අනිවාර්ය වේ.
ඉංජි. ජේ. කේ. ධම්මික,
සාමාන්‍යාධිකාරී,
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය.
දු. අංකය 091-2234035
දිනය – 2025.08.25